
Mr. Akila Medagama
BScHons (IT), University of Moratuwa
MBA in MOT, University of Moratuwa
2015 දී උසස් පෙළ ජීව විද්‍යාවෙන් ඉහළම ප්‍රතිඵල ගත් විට, හැමෝම හිතුවේ මම වෛද්‍යවරයෙක් වෙයි කියලා. නමුත් මම එදා හිතුවේ හෙට ගැන නෙවෙයි, අවුරුදු 10ක් ඉදිරිය ගැන.
මම තීරණයක් ගත්තා. ජීව විද්‍යාවට එහා ගිය ලෝකයක් මට දකින්න ඕන වුණා. මම ලංකාවේ ඉංජිනේරු තාක්ෂණයේ මුදුන් මල්කඩ වන මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයට (IT Faculty) ඇතුළත් වුණේ ඒ වෙනස සොයාගෙනයි. එතනදී මම ජීව විද්‍යාව, රසායන විද්‍යාව, සංකීර්ණ ගණිතය සහ කෘතීම බුද්ධිය (AI) මුසු වූ අපූරු පර්යේෂණ ලෝකයකට පිවිසුණා.
"ඒ තමයි, හෙට දවසේ රැකියාවකට යන මගේ පන්තියේ දරුවා, අනිත් අයට වඩා පියවරක් ඉදිරියෙන් තියන්න මම සූදානම් වූ ආකාරය."
"තාක්ෂණයෙන් ලෝකය දිනන්න පුළුවන්, ඒත් ලෝකය ලස්සන කරන්න පුළුවන් මනුස්සකමට විතරයි."
Beyond the Textbook
වසර 8+ ක කර්මාන්තයේ (Industry) අත්දැකීම් සහ පර්යේෂණ (Research) දැනුම හරහා, විභාගය ජයගෙන ලෝකය දිනන "Thinking Pattern" එක මම ඔබේ දරුවාට සකසා දෙමි.
2015
සිට ඉගැන්වීම
2015 සිට අඛණ්ඩව A/L Chemistry ක්ෂේත්රයේ රැඳී සිටිමින්, විභාග රටාව සහ එහි වෙනස්වීම් ගැන පූර්ණ අවබෝධයක් සහිතව මම උගන්වමි.
8+ Years
Industry Experience
වසර 8කට වැඩි කර්මාන්ත අත්දැකීම් (Tech & Science) හරහා, හෙට දවසේ ලෝකයට අවශ්‍ය ළමයාව මම අද පන්ති කාමරයේදී නිර්මාණය කරමි.
Research
Based Approach
මම පර්යේෂණ පසුබිමක සිටින නිසා, සංකීර්ණ විශය කරුණු ඉතා වේගයෙන් සහ සරලව ග්‍රහණය කරගැනීමටත්, එය සිසුන්ට සම්ප්‍රේෂණය කිරීමටත් මට හැකියාව ඇත.
Tech
Integration
අනාගතය අයිති තාක්ෂණයට. මගේ පන්තිය ඇතුලේ අපි පාවිච්චි කරන Tools (3D Models, LMS) නිසා දරුවා නිරායාසයෙන්ම අනාගත තාක්ෂණයට හුරු වෙනවා.
Humanity
Mentorship
පහළම වෘත්තියේ සිට ඉංජිනේරු මෙන්ටර්වරයෙකු දක්වා මා ආ ජීවන අත්දැකීමෙන්, සෑම මනුෂ්‍යයෙකුටම ගරු කරන 'මනුස්සකම' මම ඔබේ දරුවාට උගන්වමි. විෂය දැනුමට එහා ගිය සදාචාරාත්මක පෞරුෂයකින් දරුවා සන්නද්ධ කිරීම මගේ වගකීමයි.
Journey
පන්තියෙන් එහා ගිය අත්දැකීම්, බහුවිධ අධ්‍යාපනික පසුබිම, සහ වසර ගණනාවක් ගිය ගමනක්.
සාම්ප්‍රදායික ගුරුවරයෙක් නෙවෙයි...
2015 දී මම මේ ගමන පටන් ගත්තේ නිකම්ම ටියුෂන් පන්තියක් කරන්න නෙවෙයි. මට තිබුණේ එක අරමුණයි: "විද්‍යාව කියන විෂය කටපාඩම් කරන වදයක් නොවී, ජීවිතය දිනන ආයුධයක් බවට පත් කිරීම."
මම Bio කරලා, පසුව මොරටුව වැනි ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකින් Mathematics සහ IT හදාරපු කෙනෙක්. දැන් මම එම ක්ෂේත්රයෙන්ම මගේ Masters (MBA) උපාධිය හදාරමින් ඉන්නවා.
Tech Company එකක Founder & CEO කෙනෙක් විදියට මම අදටත් කටයුතු කරනවා. ඒ වගේම වසර ගණනාවක් තිස්සේ මම දක්ෂ ඉංජිනේරුවරුවන් විශාල පිරිසක් පුහුණු (Training) කරපු Mentor කෙනෙක්.
මම ඔයාට උගන්වන්නේ Chemistry විතරක් නෙවෙයි. හෙට දවසේ කැම්පස් ගිහින්, එතනින් Job එකකට ගිහින්, කොහොමද ඔළුව පාවිච්චි කරලා දිනන්නේ කියලා මම ඔයාට මගේ අත්දැකීම් වලින්ම කියලා දෙනවා. ඔයාට පොතේ දැනුම වගේම, ජීවිතේ දිනන Smart Thinking එක මම දෙනවා.
ඔබ දකින මේ High-Tech Simulations, LMS සිස්ටම් සහ Interactive Visuals අහම්බෙන් හැදුණු දේවල් නෙවෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ මම Tech Architect කෙනෙක් විදියට එකතු කරපු දැනුමේ ප්‍රතිඵලයක්.
කළු ලෑල්ලක අඳින පැතලි රූපයකින් පරමාණුක ලෝකය දකින්න බැහැ. මම මගේ IT දැනුම පාවිච්චි කළේ ඒ අදෘශ්‍යමාන ලෝකය ඔබේ දරුවාගේ ඇස් ඉස්සරහට ගේන්න.
මේක මම මගේ ශිෂ්‍යයන්ට දෙන Power එක. වචන වලට වඩා, මේ දේවල් ඔබේ ඇස් දෙකෙන් බලාගන්න.
හුන්ඩ්ගේ නීතිය (Hund's Rule)
බස් රථය හිස්ය.
ලකුණු කියන්නේ එක ඉලක්කමක් විතරයි,
මගේ සාර්ථකත්වය කියන්නේ, මගෙන් ඉගෙන ගත්තු දරුවෙක් ලෝකයේ ඕනෑම තැනකදී ‘මම මේ ප්රශ්නය විසඳන්න දන්නවා’ කියලා බය නැතුව කියන එකයි.